මහේල -මාලිංග වෙනුවෙන්

ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබදව ක්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර සිදු කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් මාධ්‍යවෙත කළ ප්‍රකාශයෙන් අනතුරුව ඔහුට විනය පරීක්ෂණයක්ද සිදුකරන්නට ක්‍රිකට් බලධාරීන් තීරණය කල අතර එයින් දඬුවමක් ද මාලිංග වෙත නියම කෙරුණි.
මේ අතර හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධනද සිය නිළ ට්විටර් ගිණුමෙන් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබදව අදහස් දක්වා ඇති අතර ඔහු පෙන්වා දෙන්නේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහල මට්ටමක තිබිය යුතු බව තමන් පිළිගන්නා අතරම එම කරුණු කණ්ඩායම තුළ පමණක් සාකච්ඡා කල යුතු කරුණු වන බවයි.

එමෙන්ම යමෙකු විසින් අදාල කරුණු ප්‍රසිද්ධියේ මහජනයා ඉදිරියේ ප්‍රකාශ ක‍රනවා නම් ඒ දේශපාලන වාසී ගැනීමට පමණක් කරන ප්‍රකාශයක් බවයි මහේල වැඩිදුරටත් දක්වා ඇත.

(Visited 24 times, 1 visits today)

කාටූන්

ජයාරූප