මාස 6න් හිරේ යවන්න අපිට ජන්දේ දෙන්න. – අග්‍රාමාත්‍යවරයා කියා සිටී.

ඉදිරි ඡන්ද විමසීමේදී සියළු පළාත් පාලන ආයතන වල තනි බලය තම පක්ෂයට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය නගරයේදී සංවිධානය කළ ජන රැළියට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

“නඩු කීපයක් දැම්මා. නඩු දාලා මහේස්ත්‍රාත් උසාවියෙන් මහාධිකරණයට ගිහින්, ඊළඟ දවසේ කියන්නෙ කල් යනවා මාස 3කට,සමහරවිට අවුරුද්දකට. 2017 දින දුන්නා 2018ට. මෙහෙම් යනවා නම් නඩුවක් ඉවර කරන්න අඩුම ගානේ අවුරුදු 5ක්වත් යනවා. අලුත් අධිකරණ ඇමතිනිය, තලතා අතුකෝරාල මහත්මිය එක්ක අපි සාකච්ඡා කළා. එතුමිය කිව්වා අපි කතා කරලා අලුත් නීතියක් සකස් කළා. ඒ නීතිය අනූව, පොලිස් වාර්තාව අනූව නීතිපති තුමාට පුළුවන් කෙළින්ම ගිහින් මහාධිකරණයේ නඩුව දාන්න. ඒ නඩු අහන්නේ එක විනිසුරුවරයෙකු නෙවෙයි. මහාධිකරණයේ විනිශ්චයකාරවරුන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා දිනෙන් දින නඩු අහන්න ඕනේ. දිනෙන් දින නඩු ඇහුවම මාස 6ක් යන්න ඉස්සෙල්ලා නඩුව අහලා අවසන් කරන්න පුළුවන් කියලා මන් කියන්න කැමතියි.”

“අපි මේ නඩු දාන එක එකපැත්තකට සීමා කරලා නෑ. අපි බලයට ගත්තට පස්සේ චෝදනා තියෙනවා නම් නඩු දාන්න කියලා තියෙනවා. නැත්නම් බැදුම්කරේට කළා වාගේ අපි කොමිටියක් දාල පාර්ලිමේන්තුවට ගිහින් කොමිෂන් හරහා විභාග කරනවා. ඊට අමතරව දෙවෙනි ජනාධිපති කොමිසමේ වාර්තාව එන සුමානේ එනවා. එතන තව නඩු 34ක් තියෙනවා කියලා මං කියන්න කැමතියි. දැන් අලුත් උසාවි දෙක තුනක් ඇති කළා නෙ, වැඩ කරන්න මාර්තු මාසේ වෙනකන් ඉන්නවා. ඒ අපිට දීපු එක අභියෝගයයි දූෂණය. ඒ අභියෝගයට අපි මූණ දීලා තියෙනවා. ආණ්ඩුවක් කරනවා වගේ නෙවෙයි, ප්‍රාදේශිය සභා කරන එක. ඒක ශක්තියෙන් කරන්න ඕනේ. ඒ නිසා අපිට බලයෙන් භාගයක්, කාලක් දෙන්නෙපා. තනි බලය අපිට ලබලා දෙන්න, ආණ්ඩු බලය යොදවලා වුවමනා ආර්ථික සංවර්ධනය ලබලා දෙන්නම්.”

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප