මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වල නිත්‍ය නියෝජිතයන්ට උපදෙස්

ජනද ගණන් කිරීම ඉදිරි පළාත්පාලන ආයතන ජන්ද විමසීම සදහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වල නිත්‍ය නියෝජිතයන් මැතිවරණ කොමිසම වෙත ඊයේ පස්වරුවේ කැදවා තිබුනා .ජනද විමසීම් කටයුතු වලදී පිළිපැදිය යුතු කරුණු පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහිදී එම නියෝජිතයන් දැනුවත් කළා .ඉන් අනතුරුව එම නියෝජිතයින් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත දැක්වූ අසහස් කිහිපයක් මෙසේය .

ජන්දය ගණන් කිරීම ජන්ද පොළේදීම සිදුවීම මේ මැතිවරණයේ තියෙන විශේෂත්වයක්. නමුත් මෙතන ගැටළුවක් එනවා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ එක තමයි ප්‍රධානතම ලෙස සාකච්ඡාවට ලක්වුණේ .ඒවගේම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, තමන්ගේ වාර්තාකරණයෙදී  සාධාරණව මේ වාර්තාකරණය කරන්නේ කොහොමද කියන එක ගැන කතාකලා .මෙසේ අදහස් දැක්වුයේ ඒ .ජා .ප නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පි .පෙරේරා මහතායි .

ශ්‍රී .ල .නි .ප .නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ මැතිවරණ දිනයේදී ජන්දය ගණන් කරන ආකාරය පිළිබඳව ,ඒවගේම ප්‍රධාන රැස්වීම් සහ අනෙකුත් රැස්වීම් පැවැත්වීම සම්බන්ධව කරුණු පිළිබඳව විශේෂයෙන්ම දැනුවත් කළා .ඉදිරියේදී සාර්ථක මැතිවරණය ව්‍යාපාරයක්  පැවත්වීම සදහා ඒ දේශපාලන පක්ෂ වල අදහස් යෝජනා ලබාදීමට කටයුතු කරන බව කියා සිටි බවත්ය .

ජ .වී .පෙ . – පා .ම විජිත හේරත් මහතා අදහස් දැක්වුයේ මෙසේයි .අබාධිත කෙනෙකු ජන්දය භාවිතා කරන විට ජන්ද මාධ්‍යස්ථානාධිපතිවරයා විසින් ඒ ජන්දය ලකුණු කරනු ලබනවා නමුත් ඔහුට සහයකයෙක් එනවා නමුත් එකම සහයකයා මගින් ජන්දය ලකුණු කිරීම නොකර ඒ සහයකයා මාරු කිරීමට ඒ ජන්ද මාධ්‍යස්ථානවල සිටින දේශපාලන පක්ෂ නියෝජිතයන් මැදිහත් වෙන්න  කියන  එක ඒ මහතා සඳහන් කළා .

අපි සාකච්ඡාවක් සිදුකලා, කොහොමද මැතිවරණය අවස්ථාවේදී ප්‍රචාරණ කටයුතු විදිමත් කරන්නේ ඒ වගේම කාර්යාල සම්බන්දයෙන් වැනි පොදු කරනා පිළිබඳ තමයි අපි සාකච්ඡා සිදු කලේ යනුවෙන් මෙසේ අදහස් දක්වුටේ ඒ .ජ .නි .ප .-නීතීඥ රජිත කොඩිතුවක්කු මහතායි .

පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ජාතික හෙළ උරුමය වෙනුවෙන් අදහස් දක්වමින් කියාසිටියේ මෙහිදී විශේෂයෙන්ම අපේක්ෂකයින්ට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්න මේ මැතිවරණ  නිති බාධාවක් නොවිය යුතුයි කියන එක තමයි විශේෂයෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ අදහස වුනේ .ඒ වගේම කටවුට් විශාල වශයෙන් ගහලා තියෙනවා ඉතින් මේ කටවුට් ඉවත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා .

මැතිවරණ කොමිසම හැමවෙලාවෙම හැම පක්ෂත් එක්කම ,ආණ්ඩුවේ ඉන්න පක්ෂත් ආණ්ඩුවේ නොඉන්න පක්ෂත් ,විරුද්ද පක්ෂයේ ඉන්න කට්ටියත් ඔක්කොම එකතු වෙලා  තමයි තීරණ ගන්නේ ඉතින් ඒ ගැන අපි සතුටු වෙනවා . මෙසේ තම අදහස් මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා විසිනුයි .

පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියාසිටියේ විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉඩකඩ ලබාදුන්නා රාත්‍රී 9 දක්වා ගෙන් ගෙට යාම හරහා තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරන්නට . ඒ විතරක් නෙමෙයි එතුමා ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කළා මෙවර මැතිවරණයේදී නුසුදුස්සන් ලැයිස්තුවට ඇතුළත්වෙලා තියෙනවා එවගේම රාජ්‍ය සේවයේ සිටින තරග කිරීමට හැකියාව නැති පිරිස් ඒ වගේම විවිධ අපරාධ චර්යාවන්ට සම්බන්ධ පිරිස් ,නීතියට අනුවම නුසුදුසු පිරිස් මෙවර තරගයට ඇතුළත්වෙලා තියෙනවා එවැනි පිරිස් ජයග්‍රහණය කලත් ඔවුන්ගේ සභිකත්වය අහිමි කරන්නට මැතිවරණයෙන් අනතුරුවත් ක්‍රීයාකරනවා කියලා .

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප