මැතිව්ස්ගේ සහ මහේලගේ වෙනස පෙන්නපු “හතු” අයියා කතාව.

පසුගියදා මාධ්‍ය හමුවකදී එක්දින කණ්ඩායමේ නායක මැතිව්ස් කල ප්‍රකාශයක් සමාජ මාධ්‍යජාල තුල කතාබහක් ඇති කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ද විස්තරය පහතින් දැක්වෙයි.

එදා පැවති මාධ්‍ය හමුවෙදි මැතිව්ස් කියලා තිබුණේ,

“හතු අයියායි, Chairman කතා කරලා කිව්වම තමයි මං මේක බාර ගත්තේ” කියලා. චන්දික හතුරුසිංහට හතු අයියා කියපු එකට සමහරු කැමතිවුණේ නෑ.

මොකද හතුරුසිංහ කියන්නේ දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු. පුහුණුකරු කියලා කියන්නේ කණ්ඩායමේ ඉන්න ගුරුවරයා. ඒ නිසා හතුරුසිංහට නිසි ගෞරවය දෙන්න ඕනේ කියලයි හුඟක් අය කිව්වේ.

මේ ගැන මුහුණුපොතේ අපූරු Post එකක් පලවෙලා තිබුණා. මැතිව්ස් එදා කරපු කතාව වගේම ප්‍රවීණ ජාත්‍යන්තර විනිසුරුවරයෙක් වුන කුමාර ධර්මසේන කියපු කතාවකුත් එහි තියෙනවා. “මහේලයි මමයි යාළුවෝ. එත් මම අම්පයර් කරන පළවෙනි වතාවේ මහේල බැට් කරන්න ඇවිත් ඉල්ලුවෙ “Leg Stump SIR” කියලා”

මොන තරම් සමීප යාළුවෙක් වුණාත් මහේල ධර්මසේනට නිසි තැනදි නිසි ගෞරවය ලබාදුන්නා. මහත්මා ගුණය කියන්නේ අන්න ඒකට කියලයි අපිනම් හිතන්නේ.

(Visited 11 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප