මැතිව්ස් සහ චන්දිමාල්ගෙන් ශතකයන්..තුන්වන දිනය අවසන ලංකාව කඩුල්ලක් අතැතිව 180ක් පිටුපසින්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 356ක් රැස්කරගෙන සිටියා.

සුවිශේෂ ඉනිමක් ක්‍රීඩා කරමින් නායකත්වයේ වගකීම ගෙන පන්දුවට පහරදුන් චන්දිමාල් නොදැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 147ක්.

කෙසේ වෙතත් සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දුවට පහරදුන් චන්දිමාල් සහ මැතිව්ස් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක දෙකක් රැස්කරගත්තා.

මැතිව්ස්ගේ දැවී යාමෙන් අනතුරුව චන්දිමාල් සමඟ පිටියට එක්වුණේ සධීර සමරවික්‍රම.

ඔහු ලකුණු 33ක් රසක්රගෙන සිටියදී Ishant Sharma ගේ පන්දුවකට Prasanta Saha වෙත උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉඩ ලබානොදුන් ඉන්දීය පන්දු යවන්නන් නැවත තරඟයේ වාසිය ඉන්දියාව දෙසට හරවා ගනිමින් හදිසි ආක්‍රමණයක් සිදුකලා.

ඒ අනුව ලකුණු 39 කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4 ක් බිඳ වැටුනා.

එහිදී සිය මංගල ඉනිම සඳහා පිටියට පිවිසි රොෂේන් සිල්වා සිය මංගල පන්දුවේදීම අශ්වින්ට ගොදුරු වූවා.

පළමු ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙකු ලකුණු නොලබා දැවී ගිය අතර පිතිකරුවන් දෙදෙනෙකු ලකුණු 1 ක් පමණක් ලබා නරඹන්නන් බවට පත්වුනා.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 536 ක් රැසකරගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්දීය කණ්ඩායමට ලකුණු 180 පසුපසින් සිටින්නේ එක් කඩුල්ලක් පමණක් අතැතිවයි.

 

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප