මුදල් ඇමති ඉවත් කිරීමට බල කලේ මම ..එමෙන්ම සාගල සහ විජේදාසත් අයින් කල යුතුයි.-චතුර

ඊයේ විකාශය වූ නෙත් එෆ් එම් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පවසා සිටියේ කැබිනට් සංශෝධනයක් කළ පමණින් අරගලය නිමා වන්නේ නැති බවයි.
තවද නව කැබිනට් සංශෝධනයේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට බල කර සිටියේද තමුන් සහ තවත් සිවිල් සංවිධාන වලින් බව එතුමා දක්වා සිටියේය.

නීතිය හා සාමය අැමතිවරයා මෙන්ම අධිකරණ අැමතිවරයාද ඉවත් කර සුදුස්සන් පත් කළ යුතු යයිද චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් කීය.

එමෙන්ම මන්ත‍්‍රී චතුර සේනාරත්නට අසන්නනෙකු විසින් ඉදිරිපත් කල පැනයක් හේතුවෙන් කෝපයට පත් වී මන්ත‍්‍රිවරයා ‘බූරුවෙක් වගේ කතා කරන්න එපා’ යයි සජීවීව කියා සිටියේය.

(Visited 30 times, 1 visits today)

කාටූන්

ජයාරූප