මෙවර පළාත් මැතිවරණයෙන් පළාත් 7 ක පළමු තැන පොහොට්ටුවට!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙදී පළාත් 9න් පළාත් 7 කම පළමු තැන ලබාගන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියි.

අද(11) පොදු ජන පෙරමුණ පක්ෂයේ පැවති  මාධ්‍ය හමුවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියේය.

මෑතකදී ආරම්භ කල නව පක්ෂයක් ලෙස ඉතා අඩු කාලයක් තුළ මෙවර මැතිවරණයට මුහුණ දිමට බලාපොරොත්තු වන බවත් නැගෙනහිර පළාතේ අම්පාර හා සේරුවාවිල මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව ප්‍රථම වරට ඉදිරිපත් වන තැන් අතරින් විශාල තරගයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

 

editor

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප