ආණ්ඩුව නොනැවතී සල්ලි අච්චු ගහයි.. මුල් මාස තුනට බිලියන 217ක් අලුත් නෝට්ටු.. මෙහෙම ගියොත් රට බංකොලොත්..

රටේ ආර්ථික අර්බුදය ඉතා උච්ච අවස්ථාවකට පැමිණමින් ඇති බවත් රජයේ වැටුප් සහ අනෙකුත් වියදම් සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාර බිල්පත් අලෙවියෙන් සොයාගැනීමට නොහැකි තත්ත්වයකට මේ වනවිට පත්ව ඇති බවත් මහ බැංකුවේ අලූත්ම වාර්තාව විශ්ලේෂණයෙන් පැහැදිලිව පෙනේ.

රජයේ ආදායම් වලට වඩා වියදම් බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අවධියක තව දුරටත් භාණ්ඩාගාර බිල්පත් අලෙවියේදි දේශීය වෙළෙඳපොළ තුල පොලී අනුපාතය ඉහළ යෑම නිසා එම තත්ත්වය කෘත්‍රිම ලෙස පාලනය කිරිම සඳහා රටකට ඔරොත්තු නොදෙන ආකාරයේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට රජය පෙළඹී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ දී ජනවාරි 01 වෙනිදා සිට මාර්තු 17 වෙනිදා දක්වා පමණක් රුපියල් බිලියන 217 එනම් මිලියන 216709ක් අලුතින් සල්ලි මුද්‍රණය කොට ඇත.

මහා බැංකුවේ වාර්තාව අනුව ( එම වාර්තාවේ 8 වෙනි පිටුවේ) CBSL Treasury Bill Holdings -Face 17.03.2017 ට (Rs.mn) 216,709 සඳහන් කොට ඇත.

මෙය හම්බන්තොට වරාය චීන සමාගමට විකුණා ලබාගැනිමට බලාපොරොත්තු වූ ඩොලර් බිලියන 1 දශම 2 මෙන් දෙගුණයකට ආසන්න ය.

මෙතරම් විශාල මුදලක් සල්ලි අලුතින් මුද්‍රණය කිරීම තුලින් තව මාස 6 ක් යනවිට උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යන අතර රුපියල ඩොලරයට සාපේක්ෂව දරුණු කඩා වැටිමකට ලක්විම අනිවාර්ය ය.

විදේශිකයන් භාණ්ඩාගාර බැදුම්කර තුල කර ඇති සියලු ආයෝජන ඉවත්විමේ අවධානම තවත් ඉහළ යනු ඇත. එමෙන්ම ඉදිරියේදී සියලුම ආනයනය භාණ්ඩ පෙට්‍රල් ඇතුලුව ඉහළ යෑම අනිවාර්ය බව ආර්ථික විශේෂඥයන්ගේ මතය යි.

ඊට අදාම මහබැංකු වාර්තාව  මෙතනින්  ලබාගන්න

(Visited 9 times, 1 visits today)

කාටූන්

ජයාරූප