මෛත්‍රි කෝල් කරාට තාම පොහොර නැව ඇවිල්ල නැහැ.

පොහොර බෙදාහැරීමට සියලු කටයුතු යොදා තිබුනත් පොහොර රැගත් නව මේ වනතුරු දිවයිනට නොපැමිණි බව කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව කියා සිටී. එහි පොහොර අලෙවි කිරීමේ සහ මෙහෙයුම් අංශයේ වැඩබලන කළමනාකරු අනුර සෙනරත් මහතා කියා සිටින්නේ නව පැමිණි විගස පොහොර බෙදාහරින බවය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටින්නේ

“බෙදාහැරීම් කටයුතු ඔක්කොම සුදානම් කරලා තියෙන්නේ. එත් නව ආවේ නැහැනේ. නැව ආවත් අපිට ලැබ් රිපෝට් එනකන් නිකුත් කරන්න  බැහැ. ලැබ් රිපෝට් එක ගන්නේ NFS එක .NFS එක සාම්පල අරගෙන ලැබ් රිපෝර්ට් නිකුත් කලාට පසු තමයි අපිට නිකුත් කරන්න පුළුවන්.එතකන් අපිට නිකුත් කරන්න බැහැ, මේගොල්ලෝ කියනවා මේ පාර පැය 4න් ලැබ් රිපෝට් එක දෙන්නම් කියලා. බොහොම කාලයක් ගිය කාලයක් තිබුණා නමුත්  මේගොල්ලෝ පය 4 න් දෙන්නම් කියනවා. සාම්පල් එකතු කරනවා උදේ 7 වෙනකොට ටොන් විස්සක් පටවන්න විනාඩි 20ක් යන්නේ නැහැ. ඩෝකියුමන්ට් වැඩ වලටත් විනාඩි 15 යන්නේ නැහැ. පලවෙනි ලොරිය විතරයි පය බාගයක් යන්නේ ඊට පස්සේ විනාඩි 15 න් 15ට ලොරි යවනවා.”

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප