මෛත්‍රී-රනිල් චීනෙට විකිණු මාගම්පුර වරාය සිංහ කොඩි කණුව කපාදමමින් වැඩ ආරම්භ කරයි!!

හම්බන්තොට – මාගම්පුර වරාය චීන සමාගමකට බදු දීමෙන් අනතුරුව ප්‍රථම වතාවට ඊයේ (1) එහි චීන ජාතික ධජය ඔසවා තිබුණි.

හම්බන්තොට වරාය සංවර්ධනය සහ මෙහෙයුම් කටයුතු චීන – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස සිදුකිරීම සදහා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් සමාගමට නිල වශයෙන් භාර දෙනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 9 වනදායි.

ඒ අනුව, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් සමාගම විසින් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු මේ වනවිට සිදුකරමින් පවතියි.

මීට පෙර වරාය අධිකාරියේ ධඡය, වරාය බදු දුන් චීන සමාගමේ ධඡය, එහි ඔසවා තිබූ නමුත් ශ්‍රී ලංකා ධඡය ඔසවා තිබුණේ සෙසු ධඡ වලට වඩා වැඩි උසකිනි .

සිංහ කොඩිය ඔසවන කොඩි කණුව සෙසු කොඩි කණු හා සම මට්ටම් වන ලෙස කපා දැමීමට එම චීන සමාගම කටයුතු කර තිබුණි.
ඒ අනුව චීන ධඡය, ශ්‍රී ලංකා ධඡය ඇතුළු සියලූ කොඩි කණු එක හා සමානව සකස් කිරීමට බලධාරින් පියවර ගෙන තිබුණි .

මේ අතර, හම්බන්තොට වරාය සේවකයින් තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයද පැවැත්විය.

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප