යුනිටරි ස්ටේට් වචනය ලංකාව සම්බන්ධයෙන් භාවිතා කිරීම සුදුසු නෑ !

යුනිටරි ස්ටේට් ලංකාව සම්බන්ධයෙන් භාවිතා කිරීම සුදුසු නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද(09) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.
උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට එක්සත් රාජධානියෙන් වෙන්ව යා හැකි තත්ත්වයක් වර්තමානය වන විට පවතින බවත්, කෙසේ නමුත් එක්සත් රාජධානියේ ඒකීය රාජ්‍යය ලංකාවටත් වඩා සවිමත් බව ද ගම්මන්පිල මහතා මෙහිදී කියා සිටියේය.
ලංකාවේ පළාත් සභාවල බලතල ඉවත් කරන්න, පළාත් සභා අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වුවත් එක්සත් රාජධානියේ සරල බහුතලයෙන් එය කළ හැකි බව ද මන්ත්‍රීවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ලංකාවේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් පළාත් සභා අහෝසි කිරීමට තියා බලතළ සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බව ද ගම්මන්පිල මහතා කියා සිටියේය.
ඒකීය රාජ්‍යය කියන යෙදුමට ඉතිහාසයක් හෝ සාහිත්‍යයක් නොමැති බවත් 1972 ව්‍යවස්ථාව සඳහා ඉංශ්‍රීසි ව්‍යවස්ථාව සිංහලයට පෙරළන විට දී මුලින්ම මෙම වචනය භාවිතා කළ බව ද පැවසු ගම්මන්පිල මහතා “ඒකීය රාජ්‍යය“ කියන යෙදුමට වඩා යුනිටරි යන ඉංග්‍රීසි වඩා වැදගත් බවද පැවසීය.

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප