යොහාන් බ්ලේක් පරදවමින් හිමාෂ ගෙන් නව වාර්තාවක්

ඊයේ ජැමෙයිකාවේදී පැවැති යූටෙක් ක්ලැසික් ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ හිමාෂ ඒෂාන් තත්.10.29කින් තරගය නිම කරමින් 6 වැනි ස්ථානයට පත්ව ඇති අතර එම තරගයට ජැමෙයිකාවේ ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් ද සහභාගි වුවත් ඔහු 8වැනි ස්ථානයට පත් වීම විශේෂත්වයකි.
ඒ අනුව යොහාන් බ්ලේක් පරයා යමින් 6 වැනි ස්ථානයට පත් හිමාෂ වාර්තා කළ තත්.10.29ක කාලය ඔහු මෙම වසරේ වාර්තා කළ හොඳම කාලය ලෙස සටහන් වන අතර තත්.10.08කින් තරගය අවසන් කළ සාර්නෙල් හියුස් පළමු ස්ථානය දිනා ගත්තේය.

කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට්ගේ පුහුණුකරු වන ග්ලේන් මිල්ස් මහතා යටතේ පුහුණුවීම් කටයුතු කිරීම සඳහා මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒෂාන් මේ දිනවල ජැමෙයිකාවේ රැඳී සිටී.

(Visited 8 times, 1 visits today)

කාටූන්

ජයාරූප