රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ලෙස දැන් කටයුතු කරන්නේ අධ්‍යාපන ඇමති අකිල විරාජ්-මංගල හිමි

අස්ගිරි මහ නාහිමි ඇතුළු කාරක සංඝ සභාව විසින් රජය වෙත නිකුත් කල නිවේදනයට උරණ වී සටින බැවින් රංගිරි දඹුලු විහාරයට එරෙහිව රජයේ ඇමතිවරුන් අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටිනා බව රංගිරි දඹුලු රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ පවසයි.
මේ වන විට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා රංගිරි දඹුලු රජ මහා විහාරයේ විහාරාධිපති අයුරෙන් කටයුතු කරන්නේ යැයි විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ පවසයි.
දඹුලු විහාරස්ථානයට එරෙහිව අධ්‍යාපන ඇමතිවරයා සහ පුරාවිද්‍යා කොමසාරිස්වරයා නගන චෝදනා පිළිගත නොහැකි බවද එහිමියෝ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියහ.

ඔවුන් විසින් මෙසේ අපහාස කරමින් සිටින්නේ අස්ගිරි මහා විහාරයට බවද මංගල හිමියෝ එහිදී සදහන් කලහ.

(Visited 31 times, 1 visits today)

කාටූන්

ජයාරූප