රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනය අත්හිටවයි! රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ වර්ජනය හෙටත් ක්‍රියාත්මකයි!

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය නතර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කළේය.

කෙසේ වෙතත් අද පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් හා අමාත්‍ය සාගල රත්නායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අග්‍රමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී වහාම ක්‍රියාත්මක වන පරිදි වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසු රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විපුල වික්‍රමසිංහ අදහස් පළ කරමින් කියා සිටියේ අමාත්‍ය සාගල රත්නායක සමග පැවති සාකච්ඡාවේදී සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි. එබැවින් තම සංගමයේ වර්ජනය සැළසුම් කළ පරිදි දියත් කරන බවයි ඔහු තවදුරටත් කියා සිටියේය.

(Visited 12 times, 1 visits today)

කාටූන්

ජයාරූප