රට කැබලිවලට වෙන් කරන්න එපා!

ශ්‍රී ලංකාව බෙදා වෙන් නොකර සියලු දෙනාට භුක්ති විඳිය හැකි ලෙස පැවතිය යුතු බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.
අද(24) පැවති එළිය සංවිධානයේ මාධ්‍ය හමුවට එක් වෙමින් උන්වහන්සේ මේ බව අවාධාරණය කළේය.
ඕනෑම සුළු ජාතිකයෙකුට වුවද ඡන්ද බලය මඟින් තනතුරු ලබා ගත හැකි වුවත් ව්‍යවස්ථාවක් ගෙන ඒම තුළින් රට කැබලිවලට බෙදා නොදමන ලෙස ද උන්වහන්සේ අවධාරණය කරයි.
බෙඳුම්වාදීන් විසින් මෙම යෝජනා සියල්ල ගෙන එනු ලබන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට දැනට පවතින බාධක ඉවත් කර ගැනීමට ද බවද අභයතිස්ස හිමියන් පැවසීය.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවති බවත් එහිදි ජනාධිපතිවරයා සුළු ජාතිකයන්ට යම් අඩුපාඩුවක් මෙම ව්‍යවස්ථාව තුළින් සිදුව ඇති බව ප්‍රකාශ කළ බව ද පැවසීය.
ගැටළුව ඇත්තේ සුළු ජාතිකයන්ට සම අයිතීන් ලබා දීම නොව රට කැබලිවලට වෙන් කිරීම තුළ බව ද උන්වහන්සේ තව දුරටත් අවධාරණය කළේය.

(Visited 9 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප