රට පුරාම රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි – වෛද්‍ය සංගමයේ ලේකම්

නූතන සේනක බිබිලේ තමන් යෑයි කියා ගන්නා සෞඛ්‍ය ඇමැතිවරයාගේ හපන්කම් නිසා දිවයින පුරා රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්‌ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටී. සෞඛ්‍ය ඇමැතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා නිසා අක්‌ෂි ශල්‍යකර්ම විශාල වශයෙන් ඇනහිට ඇතැයිද පැවසූ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා විසින් වහා තමන් යටතට පවරා ගත යුතු බව අවධාරණය කර සිටී.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට සහ සංගමයට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතිහාසය පුරා මෙන්ම ඉදිරියේදීද රජයක්‌ පත් කිරීමට හෝ පෙරළා දැමීමට දායක නොවන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ඇමැතිවරයා හදිසියේ නින්දෙන් අවදි වී නොසන්සුන්තාවට පත්ව සිටින්නේ යෑයි කී වෛද්‍ය සොයිසා මහතා රට පුරා H1භ1 වෛරසය වේගයෙන් පැතිර යද්දී ඊට ප්‍රතිකාර ලෙස යොදා ගන්නා මැමිµaලු ඖෂධය මේ වන විට රෝහල්වල අවසන්ව ඇතැයි ද කීය. තම නොහැකියාව වසා ගැනීම සඳහා ජනතා අවධානය වෙනතකට යොමු කරන සෞඛ්‍ය ඇමැතිවරයා වංචාවට හා දූෂණයට එරෙහිව ජනතාව ඉදිරියේ කතා කරමින් කරන අමාත්‍යාංශ ටෙන්ඩර් ගනුදෙනු පිළිබඳ බරපතළ චෝදනාවන්ට ලක්‌ව සිටින බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.

(Visited 23 times, 1 visits today)

One thought on “රට පුරාම රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි – වෛද්‍ය සංගමයේ ලේකම්

Comments are closed.

කාටූන්

ජයාරූප