රණවිරුවන් බේරා ගැනීමට ඇති විකල්පය නම් ෆොන්සේකා මානසික රෝගියෙක් බව අනාවරණය කිරීම පමණයි!

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් පසුගිය දා සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් මේ වන විට ලක්ෂ 3කට අධික රණවිරුවන්ගේ ජිවිත අනතුරට ලක්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද(11) පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මේ නිසා රණවිරුවන් බේරා ගැනීම  සඳහා කළ හැකි එකම විකල්පය වන්නේ සරත් ෆොන්සේකා මහතා මානසික රෝගියෙක් බව අනාවරණය කිරීම පමණක් බව ද ඔහු පවසා සිටියේය.
පසුගිය දා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා යුද අපරාධ සිදු කළ බවට පවසා සිටියේය.
ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කළ බවට යුද සමයේ සිටි හමුදාපතිවරයාම ප්‍රකාශ කළ පසු එය ඔප්පු කිරීමට වෙනත් සාක්ෂි අවශ්‍ය නොවන බවත්, මේ හේතුවෙන් අද වන විට වසර 8ක් පුරා සාක්ෂි නොමැතිව අසරණ වී සිටි දෙමළ බෙඳුම්වාදීන් ප්‍රීතිමත් වී ඇති බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එනිසා අද වන විට උතුරේ මහඇමති හා සංක්‍රාන්තික දෙමළ ඊලාම් රාජ්‍යයේ නියෝජිතයින් පමණක් සරත් ෆොන්සේකාව වර්ණනා කරන බවත් ගම්මන්පිල මහතා පැවසීය.

(Visited 9 times, 1 visits today)

කාටූන්

ජයාරූප