රත්නපුර, මාතලේ, මහනුවර, නුවරඑළිය සහ කෑගල්ලට නායයාමේ අවධානම් නිකුත් කෙරේ!

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ඒ අනුව රත්නපුර, මාතලේ, මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑම් අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.
ඊට අමතරව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කැනිඔන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ හේතුවෙන් ගිනිගත්හේන ප්‍රදේශයේ අවට ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.
මේ අතර පහල වායුගෝලයේ පවතින සුළු කැලඹිලි තත්ත්වයක් හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය සඳහන් කළේ මේ හේතුවෙන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බවයි
(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප