රන්ජන්ගේ නඩුවට අදාළ වීඩියෝ පට උසාවිය ඉල්ලයි.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇතිදැයි සලකා බැලීම සදහා එම අදාල වීඩියෝ පටය තමන් වෙත ලබා දෙන ලෙස අධිකරණය අද නියෝග කලා. මෙම නඩුව විනිශ්චය කිරීම සදහා විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් පත්කොට ඇත. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලොසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ දැනටමත් එම වීඩියෝව නීතිපති දෙපාර්තුමේන්තුවට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බවය.

අතිරේක සොලොසිටර් ජෙනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියේදී එම වීඩියෝ පටය විනිසුරු මඩුල්ලට ලබා දෙනු බවය. එම වීඩියෝ පටය මගින් රන්ජන් රාමනායක අමාත්‍යවරයා අධිකරණයට අපහාස කර ඇති බවට අනාවරණය වුවොත් රන්ජන් රාමනායකට විරුද්ධව චෝදනා ගොනු කරන බවට අතිරේක සොලොසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය. මාර්තු 23 වනදා මෙම නඩුව යලි කැදවීමට නියමිතය.

(Visited 3 times, 1 visits today)

කාටූන්

ජයාරූප