රනිල් අගමැති ධුරයෙන් නෙරපනවානම් නම් අන්තර්වාර රජයකට ඒකාබද්දය සහය දෙනවා

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ ඉදිරියේදී කිරීමට නියමිත කැබිනට් ඇමති සංශෝධනයේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර සියල්ලන් ගරු කරන විශ්වාසය දිනාගත් පුද්ගලයෙක් පත් කරන්නේ නම් රජයේ නිල කාලය අවසන් වනතුරු අන්තර්වාර රජයක් පවත්වාගෙන යාමට සහාය දීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් බව යි.
තව දුරටත් ඔහු පවසා සිටියේ අන්තර්වාර රජයක් යටතේ මැතිවරණ පැවැත්වීමටද හැකි වනු ඇතැයි සහ සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා වුවත් පලවන මාධ්‍ය වාර්තා අනුව වත්මන් කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා කවුරුන්දැයි ගැටළුවක් ඇතැයි යන්නයි

(Visited 21 times, 1 visits today)

කාටූන්

ජයාරූප