රවී ඉල්ලා අස්වූ සේ ශ්‍රීලනිප අනාගතය ගැන සිතා දුමින්ද දිසානායක පක්ෂ ලේකම් අස්විය යුතුයි.

අමාත්‍ය ​විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගයේදී එම යෝජනාවට විරුද්ධව තමන්ට ඡන්දය දීමට සිදුවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා හාලිඇල ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී අද සදහන් කළේ තම පක්ෂය රැක ගැනීම සදහා රවී කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන සිතා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද පක්ෂ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව මෙම අවස්ථාවේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ඊට එරෙහිව ඡන්දය ලබාදෙන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා සදහන් කළේය.

(Visited 12 times, 1 visits today)

කාටූන්

ජයාරූප