රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතෙහි විධි විධානත් උල්ලංඝනය කරලා…රවී ධුරයෙන් අස්විය යුතු බව බන්දුල පවසයි..

බැඳුම්කර වංචාවට අමතරව ලංකා ඉතිහාසය තුළ රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතෙහි විධි විධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සියධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද(01) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ණය ගෙවා දැමීමට යැයි පවසමින් රජය නොයෙක් දෑ සිදු කරනු ලබන නමුත් ඉතිහාසයේ දරුණතම ණය අර්බුදය පැවතියේ 2001 – 2004 දක්වා කාලය තුළ බවත් එහිදී එම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා එවකට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත ගෙනා බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
එය නොයෙක් විට සංශෝධනයන්ට ලක් වු බවත් එම පනතට අනුව ලංකාවේ උපරිම ණය සියයට 80 ක් ලෙස පැවතිය යුතු බව සඳහන් වුවත් රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි වසර 2 ක තුළදී එය සියයට 83 ක් දක්වා ඉහළ ගොස් ඇති නිසා ඔහු වහාම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් තුළ ක්‍රියා කරන රවී කරුණානායක අමාත්‍යවරයාගේ ලැජ්ජාව හා බය අද වන විට නැති වී ගොස් ඇති බවත් අවම වශයෙන් නිවැරදිකරුවෙක් වන තෙක් හෝ ඔහු ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ජී.එල්.පීරිස් හා සිසිර ජයකොඩි යන මහත්වරුන් ද එක්ව සිටියේය.

(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප