රුසියානු තේ තහනමට රජය වග කිව යුතුයි!

රුසියාව විසින් මෙරටින් තේ ආනයනය කිරීම තහනම් කිරීම පිළිබඳ රජය වගකිව යුතු බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා පවසයි.
රුසියාව විසින් පැනවූ තහනම මෙරට තේ කර්මාන්තයට එල්ල වූ බරපතළ හානියක් බව ඔහු පවසයි.
මේ අතර බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්යේ අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ රුසියාව විසින් මෙරට තේ ආනයනයට පැනවූ තහනම පිළිබඳව කුඩා තේ වතු හිමියන් අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවයි.
ගැටළුව විසඳීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
(Visited 2 times, 1 visits today)

කාටූන්

ජයාරූප