රොෂාන්ට මේ ඵල දෙන්නේ චතුරිකාට කල දේවල්ද?

පසුගිය මස පුවත් මැවූ රංගන ශිල්පියා වන්නේ රොෂාන් පිලපිටියයි.

ඒ රොෂාන් පිලපිටිය රිද්මා නමැති ලාබාල  යුවතියක් හා විවාහ වී තිබීමයි.

රෝෂාන්ගේ කලින් පෙම්වතිය බව පවසන සුනාලි රත්නායක නමැත්තිය  රොෂාන් සම්බන්දයෙන් විවිධ ප්‍රකාශ සහ චෝදනා කරමින් සිටිනවා.එයට මුලික  වන්නේ රොෂාන් විසින් ඇයගෙන් වරින් වර මුදල් ලබා ගත්තා යැයි කියන බවයි.

එහිදි සුනාලි රත්නායක කියා සිටින්නේ රොෂාන් පිලපිටිය තමාගෙන් මුදල් ලබා ගත් බවත් ,එම මුදල් නැවත ලබාදීම ප්‍රතික්ෂේප කරන බවවත්ය.

ඒ පිළිබව ඇය මාධයට දක්වා තිබූ අදහස් පහතින්…

මෙම නළුවා වරින් වර මගෙන් ලබාගත් මේ මුදල් ටික පමණක්ම හාරලක්ෂ හැත්තෑපන්දහසක්. මීට අමතරව, 2014 සහ 2015 මගෙන් අති විශාල මුදල් ප්‍රමාණයන් ඔහු එකවර ලබාගත්තා. ඒ සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති බැවින්, මෙතන එම විස්තර ඉදිරිපත් කරන්නේ නැහැ. එසේ ලබාගත් විශාල මුදල් වලට අමතරව, විටින් විට ආර්ථික අමාරුකමක් පවසා මගෙන් විසි දාහ, තිස්දාහ, හතලිස් දාහ වශයෙන් අනන්තවත් මුදල් ඔහු නිතර දෙවේලේ ලබාගත්තා. 2015 මා සති හතක නිවාඩුවකට ලංකාවට පැමිණි වෙලාවෙත්, ඔහුගේ ශීතකරණය කැඩී ඇති බව පවසමින් මගෙන් රුපියල් තිස්දාහක් ඉල්ලා ගත්තා. ඔහු මට ආපසු දුන්නේ, මගෙන්ම ඔහු බොරු කිය-කියා දිගින් දිගටම මේ අයුරින් ලබා ගත් අති විශාල මුදලින් ඉතාමත්ම සුළු කොටසක් වූ, ලක්ෂ දෙකක් පමණයි. ඒකත්, ලැජ්ජා නැතුව වෙනින් පාර්ශවයන් ලවා, දැන් වෙබ්සයිට් වල ප්‍රචාරය කරනවා ”

ආයේත් 2017 ජනවාරි 3 වන දින තවත් මුදල් අවශ්‍යතාවයක් කියලා රොෂාන් පිලපිටිය මගෙන් මුදල් ඉල්ලූවම, ඔහුගේ බැංකු ගිණුමට මම රුපියල් ලක්ෂයක් තැන්පත් කරා. ඒ රිසිට් පතත් තියෙනවා. තවද, රෝෂාන් පිලපිටියගේ රූපවාහිනි යන්ත්‍රය කැඩී ඇති බව කියමින්, මාගේ මුදලින් රුපියල් හැත්තෑපන්දහසක් ගෙවා, අඟල් 50 වර්ණ රූපවාහිනියක් ඔහු රත්මලානේ වෙළඳ සැලකින් මා ලවා 2016 දෙසැම්බරයේදී මිලදී ගත්තා. එය ඔහුගේ නමට මා ගත්තද, මුදල් ගෙවා අත්සන් කළේ මමයි. ඒ රිසිට් පතද මම ලග තියෙනවා.”

සුනාලි රත්නායක රොෂාන් පිලපිටියට මුදල් ලබා දුන් කියන රිසිට් පත් පහතින් ,

 

 

(Visited 14 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප