ලංකාවේ ආර්ථික සංවර්ධනය ගැන අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ජනපති හමුවී ප්‍රසාදය පළ කරයි!

සෞදි රජ පවුලට අයත් අබ්දුල් අසීස් අල් සෞද් කුමරු අද(04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ මෙහිදී සිය ප‍්‍රසාදය පළකළ අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බව ද මෙහිදී කියා සිටියේය.
ජාත්‍යන්තර වශයෙන් ඉහළ ආයෝජන සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමුකිරීමට අපේක්ෂා කරන බව පැවසූ සෞදි කුමරු එම ආයෝජන අවස්ථා පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම සඳහා ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ එරටට පැමිණෙන ලෙස ද ජනාධිපතිතුමා වෙත ආරාධනා කර ඇත.
ශ්‍රී ලංකාවේ සෞම්‍ය දේශගුණය, හරිත පරිසරය මෙන්ම සුන්දර වෙරළ තීරය, ඓතිහාසික නටඹුන් ද සංචාරක ආකර්ශණය දිනාගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත‍්‍රය සඳහා බොහෝ ඉඩ කඩ තිබෙන රටක් බව ඔහු මෙම හමුවේදී පවසා ඇත.
සෞදි අරාබිය අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා පසුගියදා ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් ලබාදුන් සහය ද ඇගයීමට ලක් කෙරිණි.
එමෙන්ම ශ්‍රී ලාංකිකයින් හාරලක්ෂයක් පමණ මේ වන විට සෞදි අරාබියේ සේවය කරන අතර ඔවුන් මෙරට ආර්ථිකයට ලබාදෙන සුවිශාල දායකත්වය ද ජනාධිපතිතුමා සිහිපත් කර තිබේ.
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
(Visited 18 times, 1 visits today)

කාටූන්

ජයාරූප