ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් ගැන කීමට ගිය වයිකෝ ජිනීවාහී සියලු දෙනා මධ්‍යයේ ලැජ්ජාවට පත්ව ඉවත්ව යයි!

උතුරු කොරියාවට එරෙහිව පිහිටුවාක් මෙන් අන්තර් ජාතික විමර්ශන කමිටුවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා තීරණයක්  ගැනීමට ශ්‍රී ලංකාවට පැමිනෙන ලෙස වයිකෝ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.
තමිල්නාඩුවේ ප්‍රකට  කොටි හිතවාදී දේශපාලනඥයෙකු වන  වයිකෝ දැඩි  කතාවක් කරමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් දිගින් දිගටම වන බවත් දැන් කරන්නට තිබෙන්නේ මානව හිමිකම් කොමිසමේ රෙකමදාරුව  සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිනිල්ලක් කොට  අන්තර් ජාතික විමර්ශන කමිටුවක්  ශ්‍රී ලංකාවේ පිහිටවීම බවත්ය.

වයිකෝගේ වේගවත් කතාවෙන් පසු ඔහුගේ කන්ඩායම ඔහුට සුබපතද්දී  ඔහු අසලට කාන්තාවක් හා පිරිමියෙක් පැමිනියහ.

වයිකොට ඉංග්‍රීසි බසින් ආමන්ත්‍රණය කළ කාන්තාව “ඔබ ලංකාවෙන්ද” කියා ඇසුවාය.

තරමක් මවිතයට පත්වූ වයිකො “නැහැ මම තමිල්නාඩුවෙන් ” කියා කීවේය .

” එහෙනම් ඔබ කවුද ලංකාවට එක්සත් ජාතීන්ගේ මහලේකම්ට එන්න ආරාධනය  කරන්න. එය ඔබේ රට නොවේ ”  කියා කාන්තාව පැවැසීය.

වයිකෝට උඩ බිම බැලුනි.
” ඔබ ලංකාවෙන්ද ?” කියා ඔහු පෙරළා ප්‍රශ්න  කළේය.

” ඔව් මම ලංකාවෙන් .ඒකයි මම අහන්නේ නුබ කවුද මගේ රට ගැන කතා කරන්න” යනුවෙන් පිළිතුර ලැබුනි.

” නුබලා අපේ මිනිසුන් මැරුවා , අපේ මව් වරුන් දූෂණය කලා …..”  වය්කෝ කෑගසන්නට පටන් ගත්තේය.
කාන්තාව සමග පැමිණි පිරිමියාගෙන් ඔහුට ක්ෂණිකවම පිළිතුරු ලැබුණි.

” නුබ කවුද අපට මෙහෙම කියන්න. එතකොට වසර 30 තිස්සේ නුබලගේ ත්‍රස්තවාදීන් කළ දේවල් අමතකද ?  ඔවුන් කෙතරම් මිනිස් බෝම්බ පිපුරුවාද, කෙතරම් අහිංසක් මිනිසුන් මැරුවාද,  නුබලාට තවදුරටත් මෙහි ඇවිත් බොරු කියා ලෝකය රවටන්න අපි ඉඩ දෙන්නේ නැහැ ”

වයිකෝ වහාම එතනින් ඉවත්ව ගිය අතර ඔහු පිටුපසින් 15 පමණ වූ පිරිසක් ද පිටව යනු දක්නට ලැබුනි.

දෙමල ඩයස්පෝරාව මානව හිමිකම් සැසිවාරය තුල හැසිරෙන්නේ එහි අයිතිකරුවන් මෙනි. ඔවුන්ට මේ ආකාරයට හෝ විරෝධයක් දැක්වීමට ඉදිරිපත් වුයේ ගෝලීය ශ්‍රී ලංකික සංසදයේ ආරාධනය  පිට ජිනීවා ගොස් සිටින කන්ඩායමේ අනුරාධා  යහම්පත් හා ආචාර්ය  නාලක ගොඩහේවායි.

සැමදාමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම තුළ කෙරුම් කාරයින් වූ කොටි ඩයස්පෝරාවට  කිහිප දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික කන්ඩායමක් නොබියව මුහුන දෙතැයි ඔවුන් බලාපොරොත්තු නොවු අතර එම සිද්දිය ගැන වයිකෝ එදිනම ඉන්දීය පුවත්පත්කට චෝදනා කර තිබුණේ ලංකාවෙන් පැමිනි හමුදා නිලධාරීන් පිරිසක් ඔහුට තර්ජනය කළ බව‍යි.

(Visited 10 times, 1 visits today)

කාටූන්

ජයාරූප