ලංකාව ගෞරවනීය ලෙස ටෙස්ට් තරඟය නිමා කරගනියි!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය එකට බින්දුවක් ලෙසට ඉන්දියාව දිනා ගැනීමට සමත් විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේදී ලකුණු 410 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවු අතර  ශ්‍රී ලංකාවට කඩුලු 5 ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 299 ක් පමණි.
ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 536 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබු අතර ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 373 ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජයද සිල්වා නොදැවී ලකුණු 119 ක් රැස් කිරීමට සමත් වූ අතර රොෂාන් සිල්වා නොදැවී ලකුණු 74 ක් ලබා ගැනීමට සමත් විය.
(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප