ලංකාව තුළ පවුල් ලක්ෂ 25 කට බරපතළ නිවාස ප්‍රශ්නයක් තියෙනවා!

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද(14) පැවති මාධ්‍ය හමුවකට එක් විය.
එහිදී ප්‍රකාශයක් කරමින් එතුමා පවසා හිටියේ දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි සිදු කරනු ලැබූ සංගණනයෙන් මේ වන විට ශ්‍රි ලංකාව තුළ පවුල් ලක්ෂ 25 කට බරපතළ නිවාස ප්‍රශ්නයක් ඇති බව අනාවරණය වු බවත්ය.
මේ වන තෙක් නිවාස ගැටළුව සම්බන්ධයෙන් කිසිදු සංගණනයක් පවත්වා නොමැති බවත් පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයාට හෝ නිවාස අමාත්‍යවරයාට ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නොතිබුණ බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියේ පසුගිය රජයේ නිවාස ප්‍රතිපත්ති රාහු ග්‍රහය මෙන් ඔලුව නැති කඳක් සේ ක්‍රියා කළ බවයි.

එළඹෙන 2017 වසරේ දී නිවාසයක් සාදා ගැනීමට බලාපොරොත්තු වන ජනතාව වෙත රුපියල් ලක්ෂ 4 ක මුදලක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එමෙන්ම පැවති වසර 2 ක තුළ කවුරුන් හෝ තමාගෙන් “මොනවද කළේ යනුවෙන්“ ප්‍රශ්න කර සිටී නම් ඔවුන්ට පුළුවන් නම් වැඩ පෙන්වීමට තමන් සමඟ පැමිණෙන ලෙස අභියෝග කරන බවද අමාත්‍යවරයා පැවසීය.

(Visited 12 times, 1 visits today)

කාටූන්

ජයාරූප