ලබන 28වෙනිදාට ඉතාම වැදගත් විදෙස් සංචාරයකට ජනපති සූදානම්

කොරියානු ජනපති මුන්ජීන් මැතිතුමාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබන 28වෙනිදා සිට ලබන 31වෙනිදා දක්වා එරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරය ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් ස්ථාපනය කිරීමේ 40වන සංවත්සරයට සමගාමීව සිදුවන්නකි. ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කොරියානු ජනපත මුන්ජීන් මහතා සමුළු සාකච්චාවක් සඳහා ලබන 29වෙනිදා හමුවීමට නියමිත අතර අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා හා කොරියානු ජනරජය අතර සහයෝගිතාවය වඩාත් පුළුල් කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයන් උනන්දුවක් දක්වන කාරණා සම්බන්ධයෙන් සාකච්චා කරනු ඇති. මෙම සංචාරය අතරතුර රජයන් දෙක අතර ආර්ථික සහයෝගිතාව, ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල හා සංස්කෘතික සහයෝගීතාව හා සම්බන්ධව ගිවිසුම් කිහිපයකටම   මෙන්ම යෝජනා සහයෝගීතාව හා රැකියා බලපත්‍ර ක්‍රමයකට අදාල අවබෝධතා ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිතය. ප්‍රධාන පෙලේ කොරියානු ව්‍යාපාරික සංගම් 4ක සම සත්කාරකත්වය දරන ව්‍යාපාරික දිවභෝජන සංග්‍රහයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිත අතර එරට වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව හමුවීමටද නියමිතය.

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප