ලේ බැංකුවෙහි හිටපු අධ්‍යක්ෂවරියට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

කල් ඉකුත් වූ රුධිර ප්ලාස්මා කට්ටල මෙරටට ගෙන්වා රෝගීන් අතර භාවිතා කිරීමට ඉඩ සැලසීම තුළින් රජයට
පාඩු සිදු කළේ යැයි චෝදනාව මත ජාතික ලේ බැංකුවෙහි හිටපු අධ්‍යක්ෂවරිය වන මංගලිකා බිංදුසාර මහත්මිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත.
ඇයට එරෙහිව පනවා තිබූ නඩුව අද(7) විභාගයට ගන්නා අවස්ථාවේ ඇය අධිකරණය වෙත ඉදිරිපත් නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සැකකාරිය මේ වන විට ඔස්ට්‍රේලියාවේ අසනීපව ප්‍රතිකාර ලබන බව අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකාරිය අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ අතර සැක කාරියගේ ඇප කරුවන්ට අගොස්තු 9දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළ බව ද පැවසේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ලේ බැංකුවේ හිටපු වෛද්‍යවරියක්ද මේ වන විට අධිකරණය මග හැර සිටින අතර ඇය නොමැතිව නඩු විභාගයක් පැවැත්වීමට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටි බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේය.

(Visited 16 times, 1 visits today)

කාටූන්

ජයාරූප