වසර දෙදහස් පන්සියයක් පැරණි වුවද, බුදුන් වහන්සේගේ පණිවිඩය 21 වන සියවසටත් වලංගුයි-මෝදි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන්එක්සත් ජාතින්ගේ 14 වන වෙසක් දින සැමරුම් උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදැසන ආරම්භ වූ අතර එහිදී සභාව අමතමින් දේශනයක් කල ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව ගොඩනැඟීමට සහායකයෙකු  හා මිතුරෙකු ලෙස ඉන්දියාව ළඟින් සිටින බවත් ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉන්දියාව නිරන්තරයෙන් අපේක්ෂා කරන බවත්ය.

වසර දෙදහස් පන්සියයක් පැරණි වුවද, බුදුන් වහන්සේගේ පණිවිඩය 21 වන සියවසටත් වලංගු බවත්, එම වටිනාකම් ඉදිරියටත් ආරක්ෂා කරගත යුතු බවත් බුදු දහම සහ එහි ඉගැන්වීම් දෙරටේ ආණ්ඩුකරණයෙහිලා සංස්කෘතිමය හා දාර්ශනික වශයෙන් ගැඹුරින් බැඳී තිබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
එළඹෙන අගෝස්තුවේ සිට වරණාසියේ සිට කොළඹ දක්වා ‘එයාර් ඉන්දියා‘ සෘජු ගුවන් සේවයක් ආරම්භ කරන බව තමන් ඉමහත් සතුටින් යුතුව නිවේදනය කරන බව පෙන්වා දුන් නරේන්ද්‍ර මෝඩි මහතා, මෙම වෙසක් උළෙල නොබිඳුණු බෞද්ධ උරුමය සිහිපත් කරන බව අවධාරණය කළේය.

බුදු දහම ඉගැන්වීමට හා ඉගෙනීමට වැදගත් වන කේන්ද්‍රස්ථාන අතරින් ශ්‍රී ලංකාව ඉතාම වැදගත් ස්ථානයක් දරන බවත්, ඒ පිළිබඳ ශ්‍රී ලාංකිකයින් ආඩම්බර වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තමාට ආරාධනා කිරීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

(Visited 29 times, 1 visits today)

කාටූන්

ජයාරූප