වසර 3ක් ගිහින් කිලෝමීටරයක් හදාගන්න බැරි ආණ්ඩුව ගැන හිටපු ජනපති කියයි.

වසර 03ක් ගත වුව ද තවමත් කිලෝමීටරයක් හදාගන්න බැරි වූ ආණ්ඩුවක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) පොදු ජන පෙරමුණේ කුලියාපිටියේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහි දී ඒ වැඩිදුර අදහස් දැක් වූ ඔහු ”අප්පච්චි මළා විතරක් නෙවෙයි අර කෑ ගහන දිසානායක මේ කට්ටිය මාත් එක්ක හිටියා. හැබැයි අර කටුව දැක්කම ලෙව කන්න ඒ පැත්තට ගියා. මං කුරුණෑගල ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා හෙට්ටිපොළට ඇතුළු වෙන තැන කිලෝමීටරයක් මට හදාගන්න වෙලාවක් තිබුනේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා මාව ගෙදර යැව්වා. අදටත් අවුරුදු 03ක් ගිහිල්ලත් ඒ කිලෝමීටරයක් හදාගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් තමයි මේක.

කුලියාපිටිය මතක් වෙනකොට වෝක්ස්වැගන් මතක් වෙනවා. කුරුණෑගලට එන්න තිබුණු හයිවේ එක තවම මඟ එනවා. මම හිටිය නම් මෙලහට විවෘත කරලා, අපිත් ඇවිල්ලා ඒකෙ. ඊයේ කතරගම තරුණයෙකු පොලීසියෙන් මරුවා. අපේ කතරගම අපේක්ෂකයා අරගෙන ගිහිල්ලා හිරේ දාන වැඩ පිළිවෙලක් දැනටමත් දියත් කරලා තියෙන්නේ දේපොළවලට හානි වුණා කියලා.” යනුවෙන් සඳහන් කළේ ය.

(Visited 2 times, 1 visits today)

කාටූන්

ජයාරූප