විසුරුවා හැර ඇති පළාත් සභා වල ඡන්දය වහාම පවත්වන්න!

විසුරුවා හැර ඇති පළාත් සභා තුනෙහි ඡන්ද විමසීම වහාම සිදු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.
නීතිඥ සංවිධාන ජාතික එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් එන් සිල්වා මහතා මේ බව කියා සිටියේය.
එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගැනීම නීත්‍යානුකූලව සිදුව නොමැති බවයි.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු මනෝජ් ගමගේ මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ අද වන විට මැතිවරණ කොමසාරිස්වරයා චව් චව්ගේ චරිතය රගපාන බවයි.

(Visited 3 times, 1 visits today)

කාටූන්

ජයාරූප