වෛද්‍ය අධ්‍යාපනය නැවතත් අදුරේ.

අද රැස්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා කමිටුවේදී සයීටම් ආයතනය ස්ලිට් ආයතනයට පැවරීමේ දල සටහනක් ඉදිරිපත් වූ බව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

මේ අතර සයීටම් ආයතනය ස්ලිට් ආයතනයට පැවරීමට විරුද්ධව රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය වීරෝධතා පා ගමනක්ද පැවැත්වුවා.මෙම තීරණයට වෛද්‍ය උපාධිය නොලද සයීටම් ශිෂ්‍යයන්ද ඔවුන්ගේ දෙමාපියන්ද වීරෝධය දක්වති.

රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය වෙනුවෙන් එහි විධායක කමිටු සමිජික වසන්ත අල්විස් මහතා මාධ්‍යයට කියා සිටියේ.

“ස්ලිට් හරහා මේ ළමයින් නැවත පාරට ගැනීමේ ක්‍රියාවලියක් මේ රජය කරගෙන යනවා.අපේ ළමයිට නැවත පාරට කපන්න හදන්නේ .නැතිව අපේ ලමයින්ට ආදරේට කරපු දෙයක් විදියට අපි හිතන්නේ නෑ.

මේ පිලිබදව අදහස් දැක්වූ සයීටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේසුරිය මහතා කියා සිටියේ.

“අපේ දරුවන්ට හොදම තෝතැන්න තමයි කොතලාවල වෛද්‍ය පීඨය.කොතලාවල වෛද්‍ය පීඨයට අපේ දරුවන් ඇතුළත් කරන්න.”
සයීටම් ආයතනය ස්ලිට් ආයතනයට පැවරීමට විරුද්ධව රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය පැවැත්වූ වීරෝධතා පා ගමන අරලිය ගහ මන්දිරයට යාමට තැත් කලත් නවම් මාවතේදී පොලිස් මාර්ග බාධක යොදා එය වැලක්වුවා.

රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පවසන්නේ නැවතත් තමන් මාරාන්තික උපවාසයකට යෑමට සුදානම් බවය.

(Visited 4 times, 1 visits today)

කාටූන්

ජයාරූප