ෂෙඩ් වල පෙට්‍රල් ගහන්නේ මමද..වගකිව යුත්තෝ වගකියන්න ඕන..ආණ්ඩුව හදලා මාස 3කින් මහ බැංකු විනාශය කෙරුවේ..

“ආණ්ඩුව හදලා මාස 3කින් මේ විනාශය කෙරුවේ”

“මේකට වගකිව යුත්තෝ වග කියන්න ඕනේ”

“කොමිසම පත් කළේ ආණ්ඩුවේ පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නෙමේ”

“ආණ්ඩුවේ ම ඉතා සුළු පිරිසක් මට විරුද්ධව චෝදනා කරනවා”

“සල්ලි වියදම් කරලා ෆේස් බුක්, වෙබ්, පත්තර, විදේශ මාධ්‍ය අල්ලාගෙන මට ගහනවා”

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළේ කිසිවෙකු ඉලක්ක කරගෙන නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අපවත්වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණ අනුස්මරණ දිනය වෙනුවෙන් බත්තරමුල්ල – අපේගම පරිශ්‍රයේ ඉදිකෙරෙන ස්මාරකයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (08) එක්වෙමින්.

‘‘දැන් අපි හොඳට බැනුම් අහනවා පෙට්‍රල් ප්‍රශ්නෙට. මගේ කෑලි ගලවනවා. මට බනින අය හිතාගෙන ඉන්නවා. මම තමයි පෙට්‍රල් බෙදන්න කියලා ෂෙඩ්වලට. ඉස්පිරිතාලේ ස්ට්‍රයික් එකක් වුණත් මට බනිනවා. හිතාගෙන ඉන්නෙ මම තමා ගිහිල්ලා බෙහෙත් දෙන්නේ කියලා. පාසලට ළමයෙක් දාගන්න බැරි වුණාම මම තමයි වැරදිකාරයා. මේකට හේතුවක් තියෙනවා. ජනාධිපතිවරුන් පුරුදු කරලා තියෙනවා ඒ හැමදේම ජනාධිපතිවරයා විසින්ම කරලාදීලා. ඒක තමයි ඇත්ත කතාව. මේ රටේ ජනාධිපතිවරු පෙට්‍රල් ෂෙඩ්වලට තෙල් ගහපු නැති එක විතරයි නොකලේ. අනෙක් ඔක්කොම කලා. අපි රජයක් විදිහට සම්මුතිවාදී ආණ්ඩුවක් විදිහට කටයුතු කරනවා නම් අපි කතා කරන යහපාලනයට අපි කැපවෙන්න ඕන. වැරදි කරන; ඕන කෙනෙක්ට දඬුවම් කිරීමට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. ඒක හරියටම ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක ක්‍රියාත්මක නොවන එකයි ප්‍රශ්නෙ.”

“මම ඇමති මණ්ඩලයේ කතා කරලා තියෙන දේවල් ඇමතිවරු දන්නවා. බැඳුම්කර නිකුතුවේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කරලා තියෙන ජනාධිපති කොමිසම පත් කිරීම පිළිබඳව ආණ්ඩුවේම ඉතා සුළු පිරිසක් මට විරුද්ධව දැඩි ලෙස චෝදනා කරනවා. ඒ පිළිබඳව වැරදි විග්‍රහ කරනවා. ෆේස්බුක් වෙබ් සයිට් කැම්පේන් සති අන්ත පුවත්පත්වල පිටු ගණන් ලියනවා. ඒවා සල්ලි වියදම් කරලා අද ක්‍රියාත්මක වනවා. ලංකාවෙන් පිට තියෙන මාධ්‍ය ආයතන පාවිච්චි කරලා ආණ්ඩුවේම සමහර අය මට බනිනවා. සෝභිත හාමුදුරුවෝ ජීවමානව හිටියනම් උන්වහන්සේ මට උපහාරයක් තියනවා මම ජනාධිපති කොමිසමක් පත් කරලා කරපු දේ හරියි කියලා. අපි මෙතනට ආවේ මොනවට ද අපි ආවේ සාක්කු පුරවගන්න ද ? මම ජනාධිපති කොමිසම පත් කළේ ආණ්ඩුවේ පුද්ගලයෙක් ඉලක්ක කරලා නෙවෙයි. ආණ්ඩුවේ ඇමතිවරු ඉලක්ක කරලා නෙවෙයි. සෙන්ට්‍රල් බෑන්ක් එකේ සිද්ධිය ගැන ඒවෙලාවේ තිබුණු තත්ත්වය මේ රටේ ජනතාව දන්නවා. ඡන්දෙන් ජයග්‍රහණය කරලා ආණ්ඩු හදලා මාස 3 කින් මේ විනාශය කෙරුවා. මේකට වගකිව යුත්තෝ වගකියන්න ඕන.’’

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප