සයිටම් දේශපාලනමය වශයෙන් දින්නට නීතිමය වශයෙන් ජයගෙන නෑ !

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටළුව දේශපාලනික වශයෙන් ජයගත්ත ද නීතිමය වශයෙන් තවත් විසඳිය යුතු ගැටළු කිහිපයක් පවතින බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ද රජයට අනුශාසනා ලබාදෙන ලෙස මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බවයි.
ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා මෙම අදහස් පළ කළේය.
(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප