සිම්බාබ්වේ පාලන බලය එරට හමුදාව අතපත් කරගනියි!

සිම්බාබ්වේ හි පාලන බලය එරට හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ.
කෙසේවෙතත් ජනාධිපති රොබට් මුගාබේ ආරක්ෂිත බව එරට හමුදාව නිවේදනය කර ඇත.
මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සුමා රොබට් මුගාබේ අමතා ඔහුගේ තත්ත්වය පිලිබඳ විමසා ඇති අතර ජනාධිපති මුගාබේ නිවාස අඩස්සියේ පසුවන බව ඔහු එහිදී පවසා තිබේ.
1980 වසරේ සිට රොබට් මුගාබේ සිම්බාබ්වේ හි පාලන බලය හොඹවනු ලබයි.
93 වන වියේ පසුවන මුගාබේ සිම්බාබ්වේ හි නිදහස් අරගලයේ වීරයා ලෙස සැලකෙයි.
මේ අතර බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එරට හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කිසිඳු ලෙසකින් සිම්බාබ්වේහි හමුදා කුමන්ත්‍රණයක් සිදුව නොමැති බවයි.
(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප