සිය දහසක් ජීවිත බිලිගත් කොටින්ගේ ගුණ වයනා ප්‍රභාකරන්ගේ චරිත කතාව ලියවේ!

1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම පිළිගැනීමට දෙමල ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්. ටී.ටී. ඊ.) ප්‍රතික්ෂේප කිරීම ඉන්දියාව හා කොටි අතර යුද්ධයකට හේතු විය.

එවකට තමිල්නාඩුවේ මහ ඇමති වූ එම්.ජී. රාමචන්ද්‍රන් ත්‍රස්තවාදීන්ගේ මෙම ස්ථාවරයට පැහැදිලිලෙස සහයෝගය ලබා දුන් බව එල්. ටී.ටී.ඊ. ය විසින් පවසා තිබුණි.

එල්. ටී.ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්  සහ ඉන්දීය රාජතාන්ත්‍රිකයකු වූ ජේ.එන්. ඩික්සිත් මහතා අතර ඇති වූ උණුසුම් සංවාදය ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම දෙස  එල්.ටී.ටී.ඊ. ය බැලූ ආකාරය සහ ඒ නිසා  කොටි සංවිධානය සහ ඉන්දියානු රජය අතර සතුරු කමක් ඇති වූ ආකාරය පිළිබඳ අදහසක් ලබා දේ.

සංවිධානයේ දෑත් බැඳ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම සඳහා සංවිධානයේ  අනුමැතිය ලබා ගැනීමට උත්සහා කළ බවට එල්.ටී.ටී.ඊ.ය ඉන්දියාවට විශේෂයෙන්ම ඩික්සිත් මහතාට චෝදනා කළ අතර එහිදී එම්.ජී අර්. යෝධ සෙවනැල්ලක් ලෙස ප්‍රභාකරන්ගේ පිටුපසින් හිඳ එයට එකඟ නොවන්න පිටු බලයක් ලබා දුන් බව පවසා ඇත.

“නුඹේ තීරණය කුමක් වුවත් මම එයට සහයෝගය දෙනවා” යැයි එම්. ජී. ආර්. ප්‍රභාකරන්ට  පැවසුවේයැයි  ඉලේබාරතී නම් කතුවරයා විසින් VOC නෝලාගම් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන සවිස්තරාත්මක ග්‍රන්ථයකට එල්.ටී.ටී.ඊ. ප්‍රකාශනයකින් උපුටා ගනිමින් දක්වා ඇත.

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිවූූ  විවිධ ගැටළු පිළිබඳ එල්.ටී.ටී.ඊ. ය වරින් වර  සිය ස්ථාවරය පැහැදිලි කරමින්  ඉදිරිපත් කළ ලිය කියවිලි එකතුවක් අප සතුව ඇත. මෙම කෘතිය සම්පාදනයේදී ඒ සඳහා වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ චරිතාපදානය ද අන්තර් ගත කිරීමට අපි කටයුතු කරමු “යනුවෙන්, VOC නූලගම් හි කර්තෘ වන ඉලේබාරති පවසා තිබේ.

1987 ඉන්දු ලංකා  ගිවිසුම අත්සන් කරන ලද වසර එල්.ටී.ටී.ඊ. ය හැදින්වූයේ “දෙමළ ඊළාම් නිදහස් ව්‍යාපාරයේ දුෂ්කර අවධිය” ලෙසයි.

“විමුක්ති ව්‍යාපාරය තෙල් මොලේ කොප්පරා මෙන් මිරිකා දැම්මේය. මේ ගත වෙන්නේ සෙනසුරාගේ අවුරුද්දයි” එල්.ටී.ටී.ඊ. ය ආඩපාලි  නැඟීය.

ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට අත්සන් තැබීමට පෙර වූ සිදුවීම් සඳහාන් කරන එල්.ටී.ටී.ඊ.  ප්‍රකාශනයේ මෙසේ ද දක්වා ඇත.

1987 එක්තරා දිනයක යාපනයේ සුමුමලෙයි අම්මාන් කෝවිලේ සිට ප්‍රභාකරන්ව ඉන්දියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් ​​මගින් නව දිල්ලියේ අශෝක හෝටලයට ගෙන ගොස් ඇත. ඒ අවස්ථාවේ එල්.ටී.ටී.ඊ. න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සහ තවත් එල්.ටී.ටී.ඊ. නායකයෙකු වූ දිලීපන් ද ඔහු සමඟ විය.

එහිදී ඩික්සිත් ඔවුන්ට ගිවිසුමේ පිටපතක් ලබා දී ඇති අතර ඔවුන් ට පැයක් ඇතුළත තම ස්ථාවරය ලබා දෙන ලෙස කියා ඇත. එය ආණ්ඩු දෙකක් අතර ඇති කරගත් එකඟතාවක් නිසා ඔබට ඊට කිසිඳු සංශෝධනයක් කළ නොහැකියැයි ද පවසා තිබේ. ඔබ එය පිළිගනිවි යැයි අපි බලාපොරොත්තු වෙනවා යැයි ද ඩික්සිත් කොටි නායකයින්ට එහිදී කියා තිබේ.

පැයකට පසු ඩික්සිත් එල්ටීටීඊ නායකයා හමුවිය.  නමුත් ප්‍රභාකරන් ස්ථිර සාරව පවසා සිටියේ දෙමළ ජනතාවගේ රුධිරය මතින් අවුරුදු 15ක් පුරාවට ස්ථාවරව ගොඩ නැඟූ සංවිධානයේ ඉරනම පැයකින් විසඳිය නොහැකි බවයි.  “විසඳුමක් ලබා ගැනීමට පෙර අප ආයුධ බිමින් තියන්න ඔබ අපේක්ෂා කරනවාද? කිසිදු සහතිකයක් නොමැතිව අපේ ජනතාවට ආරක්ෂාව සපයන ආයුධ අතහරින් අපට බෑ. අපේ ජනතාවගේ අනුමැතිය නොමැතිව අපට ගිවිසුම පිළිගන්නත් බෑ.” ප්‍රභාකරන් Dixit හා අනෙකුත් නිලධාරීන්ට පවසා ඇත.

එහිදී ඩික්සිත් ඔවුන්ට මෙසේ පවසා ඇත “ඔබ එය පිළිගත්තත් නැතත් ගිවිසුම ක්‍රියාත්මක කරනවා. ඔබ ඔබේ ආයුධ බිම නොතැබුවොත් අපි ඊට එරෙහිව ඉන්දියානු හමුදාව යොදවනවා. අමතක කරන්න එපා ඔබ දැන් ඉන්නේ අපේ අත්අඩංගුවේ. ඔබට මෙම ස්ථානයෙන් පිටවී යාමට හැකිද කියා කිසිම සහතිකයක් නෑ. ”

“නුබ විනාශ වනු ඇත.”

ප්‍රභාකරන් සිටි තැනින් නැගී සිටි විට ඩික්ෂිත් ඔහුට  මෙසේ පැවසීය. “ඉන්දියාව සුපිරි බලවතේක්. ඔබ කුඩා සන්නද්ධ කණ්ඩායමක්. ඔබ දෙයක්  කියනට පෙර සිතා බලන්න. ඔබ විනාශ වනු ඇත. ”

ඉන්පසු බාලසංහම් ඇමැතූ ඩකිසිත් ප්‍රභාකරන් සහ අනෙකුත් අයට උපදෙස් ලබා දී තීරණයක් ගන්නා ලෙස කීය. “ඊළඟ දින දෙකේදී රෝ සහ අයි.බී. නිලධාරීන්  ගිවිසුම පිළිගන්නා ලෙස ඔහුට  බල කරන ලදී. එල්.ටී.ටී.ඊ. සංවිධානය පවසන පරිදි ඔවුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ වූ තැන ඔවුන් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය එම්. ජී. ආර්.ගේ සහය පතා ඇත.

නමුත් මධ්‍යම රජය විසින් දිල්ලියට ගෙන්වූ  එම්.ජී. ආර්.  ඉදිරිපිට දී ප්‍රභාකරන් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. පසුව දෙපාර්ශ්වයටම ඇහුම්කන් දුන් එම්.ජී. ආර්.  ප්‍රභාකරන් සමඟ තනිව ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඩික්සිත්ට පැවැසීය.

“එම්.ජී ආර්.ගේ මේ දෙබිඩි පිළිවෙත කුමක්දැයි ප්‍රභාකරන් පුදුම විය. ගිවිසුමට සහය දීමට බලපෑම් කිරීම තුළ එල්. ටී.ටී.ඊ. ය සහ එම්.ජී ආර්. අතර ඇති සබඳතා බිඳවැටෙන අයුරු ඔහු සිතමින් සිටියේය. නමුත් එම්.ජී.ආර්. මුවගට සිනහාවක් නගා ගනිමින් ඔහුගේ ස්ථාවරය පැහැදිලි කරන්නට විය.

ඉන්දියානු බලධාරීන්ට ඒත්තු ගැන්වීමට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු රජීව් ගාන්ධි හමුවීමට ප්‍රභාකරන් තීරණය කළේය.

ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක සහ හිටපු විදේශ ලේකම් ජේ. එන්. ඩික්සිත් මහතා 1985 අප්‍රේල් සිට 1989 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය.

1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන අවස්තාවේදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයා ලෙස කටයුතු කළේ ඔහුය. ඉන්දිය සාම සාධක හමුදාව (IPKF) මෙරට මෙහෙයුම් ක්‍රියාත්මක කළේ ඔහුගේ සමයේදීය.

ජේ. එන්. ඩික්සිත් විසින් රචිත “කොළඹ භූමිකාව” නම් ග්‍රන්ථයේ දී  එම්. ජී. ආර්. සහ පන්රුටි එස්. රාමචන්ද්‍රන් ඉදිරියේදී ගිවිසුමේ සියලු විස්තර පිළිබඳ ප්‍රභාකරන් සමඟ පැවැත් වූ දීර්ඝ සාකච්ඡා පිළිබඳ සිහිපත් කර ඇත.

“එහෙත් ප්‍රභාකරන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබූ අතර ඔහු ගේ ඉල්ලිම පරිදි ඔහු  නැවත යාපනයට යවනු ලැබීය.

“ඉවසිලිවන්තව දිල්ලියේ  රැදී සිටිමින් නැවතත් සාකච්ඡා කරන ලෙස එම් . ජී. ආර්. ප්‍රභාකරන්ට පැවැසූ බව කොළඹ භූමිකාවේ ඩික්සිත් ලියා ඇත.

“උතුරු හා නැගෙනහිර පළාත් තාවකාලිකව ඒකාබද්ධ කිරීමේ‍ ගිවිසුමට එකඟ විය නොහැකි බව ප්‍රභාකරන් පැවසීය. උතුරේ සහ නැගෙනහිර පළාත්වල සියලු හමුදා කඳවුරු වසා දැමීමකින් තොරව ගිවිසුමකට අත්සන් නොකළ යුතු බව ද ඔහු පැවසීය.
එහයෙින්ම මෙම රැස්වීම සාමකාමී එකක් නොවීය. ඉන්දියාවේ අගමැතිවරයාව  අපහසුතාවයට පත් කිරීමට ඔහු උත්සහා කරන  සිව්වන අවස්ථාව මෙය බව මා ප්‍රභාකරන්ට පැවැසීය. මා ඔහුට මතක් කර දුන්නා  1985 අගෝස්තු / සැප්තැම්බර් මාසවලදී තිම්පු සකච්ඡාවලදී ඔහු මෙය කළ බව. ඒ වගේම නැවතත් බැන්ගලෝර් හිදී එම දේම කළ බවත්. එමෙන්ම මම ඔහට පැවැසුවා ගිවිසුම අත්සන් කිරීමට පෙර ගිවිසුමේ අවසන් කෙටුම් පත ඔහුට පෙන්වන බවත් තීරණයක් ගැනීමට පෙර එය හොඳන් අධ්‍යනය කරන ලෙසත්.”
යනුවෙන් ඩිකිසිත් සටහන් තබා ඇත.

“මදුරාසියේ පැවැති මේ සාකච්ඡාවෙන් පසුව දිල්ලිය බලා එද්දී ප්‍රභිකරන් සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇතැයි ඉන්දීය බලධාරීන් තක්සේරුවක සිටියේය.”
යනුවෙන්ද ඩික්සිත් ඉන්දියානු බලාපොරොත්තුව පිළිබඳ සිය කෘතියේ දක්වා තිබුණි.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප