සීනි මිලත් සමග සීන ආශ්‍රිත සියලු නිෂ්පාදනවල මිල ඉහල යයී!

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් දහයකින් ඉහල දැමීමත් සමඟ සීනි කිලෝවක තොග මිල රුපියල් 07ත් 08ත් අතර මුදලකින් ඉහල යා හැකි බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 13 සිට 23 දක්වා ඉහල නංවනු ලැබුණි.

කෙසේ වෙතත්, සීනි ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු  කියා සිටියේ මේ හේතුවෙන් වෙළඳපොළේ සීනි ආශ්‍රිත නිෂ්පාදන ද ඉහල යා හැකි බවයි.

මේ අතර, බදු ඉහල දැමීමත් සමඟ තේ සහ කිරි කෝප්පයක මිල ද ඉහල යනු ඇති බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේය.

(Visited 17 times, 1 visits today)

කාටූන්

ජයාරූප