හම්බන්තොට වරායෙන් ඉවත් කල සේවකයින් මාතර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් යලි විරෝධතාවයක

හම්බන්තොට වරායෙන් ඉවත්කළ සේවකයින් යලි විරෝධතාවක් ආරම්භකර තිබෙනවා .මෙය සිදුවන්නේ මාතර -කොළඹ ප්‍රධාන මාර්ගය අලුත්පාර මංසන්දියෙන් අවහිර කරමිනුයි .

විරෝධතාවයට එක්වූවන් ප්‍රකාශ කරන්නේ රැකියාවන් අහිමිවීමෙන් තමන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණදී ඇති බවයි .ඒ හේතුවෙන් තමන් යලි සේවයේ පිහිටුවන ලෙස එම සේවකයින් ඉල්ලා සිටිනවා .

උද්ගෝෂණයේ නිරත පුද්ගයෙකු පැවසු අදහස් මෙසේයි

හම්බන්තොට වරායේ  පලවෙනි නෞකාවේ ඉදලා නෞකා 1300ක් මෙහෙයුම් කටයුතු කරලා රටට විශාල අදායමක් උපද්දපු සේවකයෝ 438 දෙනෙක් මේ වෙනකොට එක් දිනකින් එලියට ඇද දමලා අදට දින 50කට ආසන්න වෙනවා .ඉතින් ඒ අසාධාරණය වෙනුවෙන් මේ සේවකයන් අවස්ථා ගානක සාකච්චා කළා .ඒ කිසිදු සාකච්ඡාවකට කිසිදු ප්‍රතිපලයක් ලැබුනේ නැහැ .අද වෙනකම් අපි ඉතාම ඕනෑකමින් බැලුවා මේ පිලිබදව ,මේ අහිංසක තරුණ ජීවිත බේරගන්න නිවැරදි තීරණයක් ගනීවි කියලා .හැබැයි මේ සම්බන්ධව තීරණ ගන්න බලධාරීන් අද අපි මහපාරට තල්ලුකරලා තියෙනවා .

හම්බන්තොට මාගම්පුර  වරායේ සේවයෙන්  ඉවත් කල සේවකයින් 10 දෙනෙකු පසුගිය 09 වෙනිදා සිට මාරාන්තික උපවාසයක් අරම්භකලා . හම්බන්තොට මාගම්පුර වාරයේ සේවකයින් 438 දෙනෙකු සේවයෙන් ඉවත් කෙරුනේ එම වරාය චීන සමාගමකට පැවරීමත් සමගයි .

 

(Visited 4 times, 1 visits today)

කාටූන්

ජයාරූප