හිටපු ජනපතිවරුන්ට නැවතත් ජනපති විය හැකි බව මහින්ද කියයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයට බලනොපාන්නේ නම් තමන්ටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු බාධාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන පරිදි වසර 6කට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට කුමන හෝ ආකාරයක ව්‍යවස්ථාමය බාධාවක් පවතිනවාද කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම පිළිබඳව සිය මතය දක්වමීන් හෙතෙම මෙ බව පවසා ඇත.

2015 බලයට පත් ජනාධිපතිවරයාට වසර 6ක කාලයක් බලයේ සිටීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කළහොත් තමාට මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති පෙන්වා දී තිබේ.

 

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්