හෙට දිවයින පුරා ගිගුරුම් සහිත වැසී !

හෙට දිනයේ දිවයින පුරා  ගිගුරුම් සහිත වැසි ස්වභාවයක් ඇති වන බව වාර්තා වේ.

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලිසහගත තත්ත්වය හේතුවෙන් හෙට දිනයේදී වර්ෂාවේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව, උතුර සහ උතුරුමැද පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට ද මෙම වැසි අපේක්ෂා කළ හැකි බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

(Visited 8 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප