ෆොන්සේකා එජාප සාමාජිකයෙකු නොවේ! ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු කිරීම නීති විරෝධී!

එජාප සාමාජිකයෙකු නොවන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම නීතියට පටහැණි බව දක්වමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නීතිඥ අජිත් ප්‍රසන්න විසින් පෙත්සමක් ගොනු කර තිබුණි.අදාළ පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වුනි.
ෆොන්සේකා මහතාගේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ.
පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වග උත්තරකරුවන් ට අදාළ නොතීසි අධිකරණය වෙත බාරදෙන ලෙස දන්වා ඇත.
ඒ අනුව මෙම පෙත්සම ජූලි මස 12 වනදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

(Visited 17 times, 1 visits today)

කාටූන්

ජයාරූප