2017 වසරේ එක්දින ක්‍රිකට් තරග වල වැඩිම කඩුලු ලාභී ඇෆ්ගනිස්ථාන යොවුන් ක්‍රීඩක රෂීඩ් කාන්ට එරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වේ .

2017 වසරේ එක්දින ක්‍රිකට්  තරග වල වැඩිම කඩුළුලාභියා ලෙස වාර්තා අතරට එක්වී සිටින ඇෆ්ගනස්තාන ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක රෂීඩ් කාන්ට එරට ජාතික කන්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා .ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා .එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ රෂීඩ් යොවුන් ක්‍රීඩකයෙකු බවත් මේ දින වල පැවැත්වෙන වයස අවුරුදු 19 පහල ක්‍රිකට් ලෝකකුසලාන තරගාවලිය සදහා ඔහුගේ පුර්ණ සහභාගීත්ය ලබා දීම සදහා මෙම තීරණය ගත් බවයි. ඇෆ්ගනිස්ථානය පසු ගිය ජූනි මසදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය ලබා ගත්තා .පසුගිය වසරේ පැවති යොවුන් ආසියානු කුසලානය ලබාගත්තේද ඇෆ්ගනිස්ථානු කණ්ඩායමයි .ඇෆ්ගනිස්ථානු ප්‍රධාන පුහුණුකරු එරට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් රෂීඩ්ව ඉල්ලා සිටියද එට තේරීම් කමිටුව ප්‍රතික්ෂේප කල බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා .

 

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප