නාමල් රන්ජන් හා ගැටේ

නාමල් උඩුගම ගායන ශිල්පියා රෝගාතුරව සිටියදී ඉන්දියාවේ විශේෂ ප්‍රතිකාර සදහා ඉන්දියාවට ගෙනයනු ලැබුවා. එහෙදී ඔහුට අක්මා බද්ධයක් සිදුකල අතර ඊට  ක්‍රිෂාන් සම්පත් නමැති  නාමල්ගේ රසිකයෙක් ඉදිරිපත් වී තිබුණා.

ක්‍රිෂාන්ත සම්පත් යනු පෙරදී ග්‍රාම නිළධාරීවරයෙක්  වුවත් එම කාලයේදී ඔහුගේ සේවය අත්හිටුවා තිබෙන අතර ඔහු දෙදරු පියෙක්ද වනවා.

ක්‍රිෂාන්ත ඉතා සාදාරන මිලක් ඔහුගේ අක්මාවට ඉල්ලා තිබුනත් අදාල අක්මා කොටස් ලබා ගත් පසු ක්‍රිෂාන්ත රෝගී වූ බවත් පොරොන්දු වූ මුදල් ගෙවීම පැහැර හැරී බවත් සදහන් කරමින් ක්‍රිෂාන්ත නාමල් උඩුගමටත් ඔහුගේ බිරිදටත් චෝදනා කලා.

මේ සම්බන්ද නාමල්ට ආදරේ කල රසිකයන් මෙන්ම සෑම දෙනෙක්ම නාමල්ව විවෙචානය කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ බව සැලවු නියෝජ්‍ය අමාත්‍ය රංජන් ‍රාමනායක මහතා සිය මන්ත්‍රී නිල නිවාසයට ක්‍රිෂාන්ත ගෙන්වා ඔහුට උදව් කිරීමට කටයුතු කර තිබුණා.

මෙම ක්‍රියාව අමාත්‍ය වරයා විසින් සජීවීව සිය face book පිටුව මගින් ප්‍රචාරය කරනු ලැබූ අතර මෙයට නාමල් විසින් උණුසුම් ප්‍රතිචාර දක්වා තිබේ.රන්ජන් රාමනායකගේ පිටුවේ කමෙන්ටුවක් සටහන් කරමින් නාමල් කියා තිබුනේ ” රංජන් අයියේ මේ drama එකට මට කතා කළානම් මාත් එනවා, මාත් ආසයි රගපාන්න” යනුවෙනි.

එම ප්‍රකාශයට රන්ජනුත් ප්‍රතිචාර දක්වා තිබුන.

 

 

 

(Visited 24 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප